පොඩි සුද්දාට මරු කැඳවූ වෙඩිල්ල

පොඩි සුද්දාට මරු කැඳවූ වෙඩිල්ල

March 14, 2025   09:13 pm

අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ දර්ශන පෙළක් 'අද දෙරණ'ට ලැබී තිබේ.

අද (14) සවස 6.30ට පමණ වෙඩිතැබීම සිදුව තිබූ අතර, ඉන් 39 හැවිරිදි තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් 'පොඩි සුද්දා' නැමැත්තා ඝාතනයට ලක්වුණි.

කුලීගොඩ, ඉඩන්තොට පදිංචිකරුවෙකු වන මොහු අද සවස අම්බලන්ගොඩ නගරයට යාම සඳහා බස් රථයට නැඟීමට ඉඩන්තොට හන්දියේ බුදුමැඳුර අසල රැඳී සිටින අතරතුර ⁣යතුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩිතබා ඇති බව පැවසේ. 

බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා බලපිටිය මූලික රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.