රුපියල් ලක්ෂ ගණනක අල්ලසක් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ ගණනක අල්ලසක් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

March 14, 2025   08:58 pm

රජයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 05කට අධික අල්ලසක් ලබාගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුට්ටිගල පදලංගල ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

රජයේ රැකියා ලබාදෙන බව පවසමින් මොවුන් විසින් පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් රුපියල් 505,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව සිදුකළ විවෘත විමර්ශනයකට පසුව සැකකරු සහ සැකකාරිය  අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු ලබන 19වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සැකකාරිය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.