ගිනිඅවි කිහිපයක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
March 14, 2025 02:30 pm
බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාශය විසින් අක්මීමන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනිඅවි කිහිපයක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා වයස අවුරුදු 72ක අයෙකු බව පොලීසිය පවසයි.
ඔහු සතුව තිබී පිස්තෝලයක්, රිවෝල්වරයක්, රිපීටර් ෂොට්ගන් එකක්, වායු රයිෆලයක් සහ ෂොට්ගන් පතොරම් 49ක් සොයාගෙන ඇත.