ගාසා තීරයට විදුලි සැපයුම අත්හිටුවයි
සයුරෙන් එතෙර

ගාසා තීරයට විදුලි සැපයුම අත්හිටුවයි

March 10, 2025   01:06 pm

ගාසා තීරයේ විදුලි සැපයුම මුළුමනින්ම අත්හිටුවීමට ඊශ්‍රායලය නියෝග කර තිබේ.

ඒ සිය ප්‍රාණඇපයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදාහැරීමට හමාස් සංවිධානය වෙත පීඩනය එල්ල කිරීමේ අරමුණින්.

ගාසා වෙත සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආධාර සැපයීම අත්හිටුවා සතියක් ගතවීමටත් මත්තෙන් ඔවුන් එම පියවර ගෙන තිබේ.