කතරගම බස්නායක නිළමේ CIDයෙන් පිටවෙයි
March 10, 2025 02:45 pm
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද කැඳවීමක් මත අද පෙරවරු 11ට පමණ එම දෙපාර්තමේන්තුවට පැමිණි ඩිෂාන් ගුණසේකර මහතා පැය 3ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව එලෙස පිටව ගියේය.
එහිදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටිය දී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට තමාව ගෙන්වූ බවය.
එමෙන්ම රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා වැඩිදුරටත්, ඊයේ (09) දිනයේ සිය නිවස ද සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පිරිසක් පරීක්ෂාවට ලක් කළ බවත් එය නුසුදුසු ක්‍රියාවක් බවත්ය.
"කිරිවෙහෙරේ සෝරත හාමුදුරුවෝ මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන්, ජනාධිපති කාලයේ හදපු ගෙයක් තියෙනවා කතරගම. ඒ ගෙදර පිළිබඳව විස්තර දැනගන්න තමා මට එන්න කිව්වේ. මට චෝදනාවක් නෑ. ඒ කියන්නේ ඒ ගෙදර ගැන හරි විස්තරේ දන්නේ මම. මොකද ඒ ගෙදර හදපු කෙනා දැන් අසනීපෙන්. සෝරත හාමුදුරුවොත් දැන් අපවත්වෙලා. ඒක මහින්ද මහත්තයාට නෙමෙයි අයිතියි. සෝරත හාමුදුරුවෝ තමා වියදම් කළේ, හැදුවේ විමලරත්න කියලා මහත්තයෙක්. ඒ කාලේ යුද්දේ දිනපු කාලේ මහින්ද මහතයාට හැම පන්සලකම වගේ ඔය වගේ ගෙයක්. කුටියක් හදලා තිබුණා."