විදේශීය දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශීය දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

March 6, 2025   02:34 pm

රුපියල් 5,880,000ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම සැකකරුවන් දෙදෙනාව කටුනායක ගුවන් තොටුපොළේ දී අද (06) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුන් නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

42 හැවිරිදි කාන්තාව මෙම දුම්වැටි මෙරටට ගෙන ඒම සඳහා පැමිණි ඇති අතර අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , සාජා නුවර මහල් නිවාසයක සේවය කරන 23 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය පවසයි.

සැකකාර කාන්තාව අද අලුයම 12.00 ට ඩුබායි සිටත් සහ පිරිමි පුද්ගලයා අලුයම 04.40 ට සජා නුවර සිටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු තුල තිබී විදේස් දුම්වැටි 39,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 196 ක් හමු වී ඇත.

සැකකරුවන් ඇප මත මුදාහැර ඇති අතර එළැඹෙන 12 වනදාට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.