පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන ජනතාවට අමෙරිකාවට ඇතුළුවීම වැළැක්වීමට සැරසෙයි 
සයුරෙන් එතෙර

පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන ජනතාවට අමෙරිකාවට ඇතුළුවීම වැළැක්වීමට සැරසෙයි 

March 6, 2025   03:51 pm

පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන ජාතිකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට තහනම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

ආරක්ෂක අවදානම සැලකිල්ලට ගනිමින් අදාළ රටවල් දෙකේ ජනතාව සඳහා මෙලෙස සංචාරක තහනමක් පැනවීමට සැලසුම් කර ඇති බව පැවසෙයි.

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානයට අමතරව අමෙරිකාවට ඇතුළුවීමට තහනම් කෙරෙන රටවල් කිහිපයක් ඇතුළත් ලැයිස්තුවක් ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඩොනල්ට් ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී ද මෙලෙස රටවල් කිහිපයක් සඳහා තහනමක් පැනවීමට සැලසුම් කර තිබුණි.