මැණික් කාර්මික ජනපදයක් රත්නපුර ඉදි කිරීමට අවධානය
February 24, 2025 02:10 pm
සෑම මැණික් ගලක් විකිණීමෙන් ලැබෙන සමස්ත ආදායම ජාතික ආදායමට එක් කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සමක් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති “ FACE TO FACE - MEET THE MINISTER ” වැඩසටහනට සහභාගි වෙමිනි.
එසේම මැණික් කර්මාන්තය සඳහා තාක්ෂණික සේවා සපයන මැණික් කාර්මික ජනපදයක් රත්නපුර ඉදිකිරීමටද කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
කොළඹින් බැහැරව ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් වෙත ගොස් ඔවුන් මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ලබාදී නිෂ්පාදන ආර්ථිකය වඩාත් ශක්තිමක් කිරීමේ අරමුණ ඇතිව මෙම “ FACE TO FACE - MEET THE MINISTER වැඩසටහන ක්‍රියාත්මක වෙනු ලබයි.
මෙම වැඩසටහනේ දෙවැනි වැඩසටහන රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී මැණික් හා පතල් කර්මාන්තකරුවන් ඇතුළු අනෙකුත් කර්මාන්තවල යෙදෙන කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් රැසක් සම්බන්ධව වී සිටිහය.