කොළඹ සුඛෝපභෝගී හෝටලයක තිබී චීන ජාතිකයෙකුගේ සිරුරක් හමුවෙයි
February 24, 2025 05:13 pm
කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී හෝටලයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
අදාළ හෝටලයේ 22 මහලේ කාමරයක් තුළ තිබී අද (24) පස්වරුවේ එම චීන ජාතිකයාගේ මළ සිරුර සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
අදාළ චීන ජාතිකයා මෙරට සමාගමක සේවයේ නිරතව ඇති අයෙකු වන අතර ඔහු සමග තවත් චීන ජාතිකයින් පිරිසක් හෝටලය තුළ රැඳී සිට ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.