කොටහේනේ වෙඩිතැබීමේ සිද්ධිය - වෙඩික්කරුට සහාය දුන් සැකකරු රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර
February 24, 2025 04:35 pm
කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලක පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු රඳවාගෙන ප්‍රශ්න කරන බව කොටහේන පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස ක්‍රමයේ පදිංචි පසිඳු විරාජ් නමැති මෙම සැකකරු කොටහේන පොලීසිය විසින් අද (24) අධිකරණයට ඉදිරිපත් කළේය.
එහිදි කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එම සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවය.
වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදීම මෙම සැකකරු විසින් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළ බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.