තණමල්විලින් වැටලූ ගංජා හේන

තණමල්විලින් වැටලූ ගංජා හේන

February 2, 2025   01:29 pm

උඩවලව රක්ෂිත ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ උඩවලව නිලධාරීන් සමත්ව තිබේ.

එම නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී අඩි 04ක් පමණ උසට වවා තිබූ කංසා ශාක 2153ක් සොයා ගැනීමටද නිලධාරීන් සමත් ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 31 හැවිරිදි වියේ පසුවන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති