සයුරෙන් එතෙර
ශක්තිමත් බැඳීමක් වෙනුවෙන් මෝදි - ට්‍රම්ප් හමුවීමට සූදානම්
January 30, 2025 04:48 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරයක් පිළිබඳ විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
බොහෝ විට එම සංචාරය පෙබරවාරි මාසයේදී සිදුවනු ඇතැයි ද ට්‍රම්ප් පවසා තිබේ.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ඉකුත්දා දිවුරුම් දීමෙන් අනතුරුව අමෙරිකාවේ සංචාරය කරන මෙන්ම ට්‍රම්ප්ව හමුවන පළමු රාජ්‍ය නායකයා බවට මෝදි පත්වනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇතැයි ද සඳහන් ය.
දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉකුත් සඳුදා ට්‍රම්ප් සමග දුරකථන සාකච්ඡාවක ද නිරතවී තිබුණි.