තරුපහේ හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියව විදේශිකයින් පිහිනුම් තටාකයට විසිකරලා

තරුපහේ හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියව විදේශිකයින් පිහිනුම් තටාකයට විසිකරලා

January 30, 2025   11:44 am

වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනෑම සම්බන්ධයෙන් විරෝධය පළ කළ පිළිගැනීමේ නිලධාරිනියක්ව පිහිනුම් තටාකයට විසිකළ පුවතක් වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය රාත්‍රී රාජකාරියේ යෙදී සිට ඇති අතර, ඒ මොහොතේ පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ දියනාමින් සිට ඇත.

ඔවුන් මත්පැන් පානය කරමින් දියනෑම හේතුවෙන් එසේ නොකරන ලෙස පිළිගැනීමේ නිලධාරිනිය ඉල්ලීමක් කර ඇති බවද පැවසේ.

එයට උරණ වූ පෝලන්ත ජාතිකයින් ඇයව ඔසවා පිහිනුම් තටාකයට විසිකර ඇති අතර, එහිදී තුවාල ලැබූ පිළිගැනීමේ නිලධාරිනිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය පැවසීය.

සිද්ධියට සම්බන්ධ පෝලන්ත ජාතිකයින් පිරිස නැවත සිය මව්රටට ගොස් ඇති අතර, පොලීසියේ මැදිහත්වීමෙන්, හෝටලයේ සම්බන්ධීකරණයෙන් ඇයට අමෙරිකන් ඩොලර් 900ක මුදලක් වන්දි ලෙස ලබා දී ඇති බවද පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.