විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වෙන වෙනස
December 24, 2024 12:56 pm
ජනවාරි 01 සිට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන චාමින්ද හෙට්ටිආරච්චි මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඔහු මේ වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ජගත් ඩී ඩයස් මහතා 2024.12.31 වනදා සේවයෙන් විශ්‍රාම යාමට නියමිතය.