2024 වසරේ මේ දක්වා වෙඩි තැබීම් 101 - 60ක් මරුට
December 24, 2024 08:42 pm
2024 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 101ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණ කරයි.
ඒ අතරින් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස් ඇති අතර 44 දෙනෙකු තුවාල ලබා තිබේ.
මේ අතර, අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පාතාලය සහ කුඩු ජාවාරම මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආරක්ෂක අංශ විසින් ගනිමින් සිටින බවය.
"හැබැයි ඒක අර ෂෝ එකක් දලා සතියේ මෙහෙයුම සති දෙකේ මෙහෙයුම්වලින් කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ක්‍රමානුකූලව මේ සියලු ආරක්ෂක අංශ මේ සඳහා මැදිහත් වෙනවා. ඒකට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියන එක විතරක් මට කියන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලය බලාගන්න පුළුවන් වෙයි."