මානව හිමිකම් සුරකින්නැයි බංග්ලාදේශයට අනතුරු අඟවයි
සයුරෙන් එතෙර

මානව හිමිකම් සුරකින්නැයි බංග්ලාදේශයට අනතුරු අඟවයි

December 25, 2024   03:25 pm

ආගම් භේදයකින් තොරව සියලුම බංග්ලාදේශ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහතික කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය බංග්ලාදේශයෙන් ඉල්ලා තිබේ. 

බංග්ලාදේශයේ සුළුතර හින්දු භක්තිකයන්ට එරෙහිව වර්ධනය වන ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ මෙම දැනුම්දීම සිදුකර ඇත. 

එමෙන්ම අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක සමග පැවැති දුරකථන සංවාදයකදී, බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස්, සිය රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින බව ප්‍රකාශ කර තිබේ.