අමෙරිකාවට චීනයෙන් පිළිතුරු
සයුරෙන් එතෙර

අමෙරිකාවට චීනයෙන් පිළිතුරු

December 24, 2024   08:32 pm

අමෙරිකාව තායිවානය සමග අවි ගනුදෙනුවක් නිවේදනය කිරීමත් සමග චීනය ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තායිවානයට ආයුධ විකිණීම සහ ආධාර ලබාදීම පිළිබඳ ධවල මන්දිරයේ නිවේදනයෙන් පසුව, චීනයේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ අමෙරිකාව ගින්දර සමග සෙල්ලම් කරන බවය.

ඒ අනුව චීනයේ විදේශ අමාත්‍යාංශය විසින් තායිවානයට අමෙරිකාව මගින් ආයුධ පැකේජයක් අනුමත කිරීම හෙළාදැක තිබේ.

අමෙරිකාවේ මෙම අවි ගනුදෙනුව හරහා චීන-එක්සත් ජනපද ඒකාබද්ධ ප්‍රකාශය බරපතළ ලෙස උල්ලංඝනය කරන බවත් චීනය පවසයි.

ඒ අනුව තායිවානයට ආයුධ නැව්ගත කිරීම වහාම නතර කරන ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලා ඇත.

තායිවානය යනු සිය භූමි ප්‍රදේශයක් බව චීනය දිගින් දිගටම පවසා සිටිය ද තායිවානය එය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ ඔවුන් ස්වාධීන රාජ්‍යයක් බවය.