මාලිගාකන්දේ වෙඩිතැබීමේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
December 25, 2024 10:21 am
මාලිගාකන්ද අධිකරණය අසලදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැක පිට තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතරවාරයේදීය.
එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත අපරාධය සිදුකළ වෙඩික්කරු ගිනි අවියද සමග සැඟව සිටි නිවසේ අයිතිකරු සහ ඔහුගේ බිරිඳ විසින් ගිනි අවිය බැහැර කර ඇති බවට හෙළිව තිබේ.
ඒ අනුව පසුගිය 20 වැනි දින ඔවුන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ ගිනි අවිය ත්‍රීරෝද රථ රියදුරෙකුට ලබා දී ඇති බවය.
ඒ අනුව එම ත්‍රීරෝද රථ රියදුරුද පසුගිය 22 වැනි දින පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ ගිනි අවිය ජම්පටාවීදිය වෙත රැගෙන ගොස් වෙනත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවය.
අනාවරණය කරගත් තොරතුරු මත ගිනි අවිය ලබා ගත් එම සැකකරුද ඊයේ (24) දින සවස් කාලයේදී වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවීදිය ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීමට අධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වන ජම්පටාවීදිය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය සහ මරදාන පොලීසිය සිදුකරනු ලබයි.