ලංකා විදුලි සේවක සංගමයෙන් ඉල්ලීමක්
November 24, 2024 10:05 pm
ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වනදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ලිපියක් යොමුකරමින් මේ බව පෙන්වාදී ඇත.
එහිදී වැඩි දුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් හිටපු පාලනාධිකාරිය සේවකයන්ට වසර දෙකක සිට ප්‍රසාද දීමනාව ලබාදීමට කටයුුතු නොකළ බවය.