බිහිසුණු නායයෑමක සජීවි දර්ශන පෙළක් -CCTV සහිතයි

බිහිසුණු නායයෑමක සජීවි දර්ශන පෙළක් -CCTV සහිතයි

November 19, 2024   12:19 pm

පස්සර - බිබිල ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ සිදුවු නායයෑම හේතුවෙන් මාර්ගයට පතිත වූ ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු දෙවන දිනටත් සිදුකරමින් පවතී. 

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය දැනුම්දෙයි.

මේ අතර නායයෑම සිදුවන ආකාරය එම ස්ථානයේ වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන්ව තිබුණි.

පස්සර - බිබිල ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ ඊයේ (18) අලුයම නායයාමක් සිදුව තිබුණි. 

නායයෑමෙන් මාර්ගය ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථ තුනකටද හානි සිදුව ඇති අතර එම මාර්ගයේ ගමනා ගමනයත් බාධා එල්ලවිය.

නායයෑම හමුවේ මාර්ගයට විශාල ගල් කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ ගමනා ගමන කටයුතු අවහිර වී තිබුණි.

මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකෙරෙන බව අප වාර්තාකරු පැවසීය.