පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් තොරතුරු කවුළුවක්
November 19, 2024 07:15 am
දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පවසන්නීය.
ඇය පෙන්වා දෙන්නේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කවුළුව ක්‍රියාත්මක බවය.
එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.
ඒ පිළිබඳව පැහැදිලි කරන පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය,
"එදිනට මේ මන්ත්‍රීවරුන්ට පැමිණ හෝ ඔන්ලයින් ක්‍රමයට තොරතුරු අපට ලබාදී රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඇඟිලි සලකුණු සටහන් කරගැනීමටත් අපි කටයුතු කරනවා. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට අධික පිරිසක් නවක මන්ත්‍රීවරු. මේ අයට පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටිය, හැසිරීම, ආචාර්යශීලිත්වය හා ඇඳුම්පැළඳුමේ ඉඳන් කටයුතු කළ යුතු ආකාරය හා පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු කළ යුතු ආකාරය හා කාරක සභාවල ස්වරූපය හා විවාද රීති ඔවුන් විසින් අනුගමන කරන ක්‍රමවේදය ඇතුළු සියලු දේ ගැන ඔවුන්ව දැනුවත් කිරීමට අපි විසින් තෙදින වැඩමුළුවක් සංවිධානය කරලා තියෙනවා නොවැම්බර් මස 25, 26 සහ 27 යන දිනවලදී."