ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවෙයි
November 18, 2024 07:48 pm
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් අද (18) පවත්වා තිබේ.
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බව X පණිවුඩයක් නිකුත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා පවසන්නේ ජනතාවගේ ගැටලු විසඳිය හැකි සහ මහජන විශ්වාසය ස්ථාපනය කළහැකි සමබර ප්‍රවේශයක අවශ්‍යතාවය තමා ඉස්මතු කළ බවයි.
ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත අයට සහායවීම, දැඩි ප්‍රතිසංස්කරණ ඔස්සේ දුෂණය ට එරෙහිවීම තම අරමුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට ජනපතිවරයා දැනුම්දී තිබුණි.