දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි
November 18, 2024 05:29 pm
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ මල්පාරේ පිහිටි කාර්යාලයේදී අදාළ නියෝජිත පිරිස හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බවය.
පසුගිය වසර දෙකක කාලය තුල මෙරට ආර්ථීකය යථාතත්වයට ගෙන ඒම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය සිදු කළ කාර්යය එහිදී අයි.එම්.එෆ් නියෝජිත පිරිසගේ ප්‍රශංසාවට ලක්වූ බව එම අවස්ථාවට එක්වූ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.