සයුරෙන් එතෙර
කලාපීය සමගිය වෙනුවෙන් ඉන්දියාවෙන් බෞද්ධ සමුළුවක්
November 6, 2024 07:37 pm
පළමු ආසියානු බෞද්ධ සමුළුව අද (06) ඉන්දියාවේදී ආරම්භ විය.
ඒ, ඉන්දිය ජනාධිපති ද්‍රෞපදි මුර්මු, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ මධ්‍යම සංස්කෘතික හා සංචාරක අමාත්‍යවරයා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙනි.
බුදුදහම පදනම් කරගත් ඉතිහාසයක් සහ සංස්කෘතියක් සමග බැඳී සිටි බෞද්ධ රටවල් අතර ඉහළින්ම වැජඹෙන ඉන්දියාව, අනෙකුත් රටවල් සමග සබඳතා ශක්තිමත් කරගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක් ලෙස මෙම වැඩසටහන දියත් කර ඇත.
ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය විසින් ‘ආසියාව ශක්තිමත් කිරීමේ බුද්ධ ධර්මයේ කාර්යභාරය’ යන තේමාව යටතේ මෙය සංවිධානය කර තිබේ.
නවදිල්ලි නුවරදී සංවිධානය කරන ලද මෙම සමුළුව හරහා කලාපීය සමගිය සහ එහි පෝෂණය අපේක්ෂා කෙරේ.