හාලිඇල වැලිමඩ මාර්ගයේ කොටසක නායයෑමේ අවදානමක්
November 5, 2024 08:46 pm
හාලිඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05) පස්වරුවේ සිට නායයෑමේ අවදානමක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි.
නායයෑමේ තත්ත්වය බරපතළ වියහැකි බැවින් මාර්ගයේ ගමන්ගන්නා රියදුරන් සහ පදිකයින් තම ආරක්ෂාව පිළිබඳ විමසිලිමත් වන්නැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම්දෙයි.
එසේම මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර මහතා පැවසීය.