මහව - ඕමන්තේ දුම්රිය මාර්ගය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මහව - ඕමන්තේ දුම්රිය මාර්ගය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

October 28, 2024   04:25 pm

මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට පළවන වාර්තා සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ඇතැම් වෘත්තිය සමිති විසින් වරින්වර එම දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට අදහස් පළකර තිබූ බවය.

කෙසේ නමුත් දුම්රිය ධාවනයේදී දුම්රිය මගීන්ගෙත් හරස් මාර්ග හරහා ගමන් ගන්නා වාහන සහ පදිකයින්ගේත් ආරක්ෂාව සඳහා කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දුම්රිය ධාවනයට පෙර අවස්ථා කිහිපයකදීම අදාළ වෘත්තිය සමිති සහභාගී කරගනිමින් පරීක්ෂණ ධාවන වාර කිහිපයක් සිදුකළ බවත් එහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලු සම්බන්ධව එකඟ වූ පරිදි කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්.