මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 19 දෙනෙකු මරුට

මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 19 දෙනෙකු මරුට

October 27, 2024   12:40 pm

මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බස් රථ අනතුර සිදුව ඇත්තේ මධ්‍යම මෙක්සිකෝවේ සකතෙකස් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී ය.

එහිදී බස් රථය ඉරිඟු ප්‍රවාහනය කරමින් පැවති ට්‍රැක්ටරයක ගැටීමෙන් පසු ට්‍රැක්රයෙන් ලිහිල් වී ඉන් ගැලවී ගිය ට්‍රේලරය බසයේ ගැටී ඇති බව  ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

අනතුරින් පසු බසය මාර්ගයෙන් ඉවතට ධාවනය වී ප්‍රපාතයකට පෙරළී ගොස් තිබූ බව සඳහන් වේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී බසය අමෙරිකානු මෙක්සිකෝ දේශසීමාව ආසන්නයේ පිහිටි ජුආරෙස් නගරය බලා ධාවනය කරමින් සිටි බව වාර්තා වේ.

අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අනතුරින් මියගිය පිරිස අතරට සංක්‍රමණිකයින් අයත් නොවන බවය.