ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අවසන් තරගය අද

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අවසන් තරගය අද

October 27, 2024   11:11 am

ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා 'A' කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.

මෙවර නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 'A'කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා 'A'කණ්ඩායම තරග 3න් තරග 2ක් ජය ගනිමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය.

අවසන් පුර්ව තරගයේ දී ශ්‍රී ලංකා 'A'කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ පාකිස්තාන 'A'කණ්ඩායමයි.

එහිදී පාකිස්තාන 'A'කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය

මෙවර තරගාවලියේ 'B'කාණ්ඩයෙන් තරග වැදුණු ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම මූලික වටයේ තමන් සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඔවුන් අවසන් පුර්ව තරගයේදී ප්‍රබල ඉන්දිය 'A'කණ්ඩායම ලකුණු 20කින් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.