රිය අනතුරුවලින් තිදෙනෙකු මරුට

රිය අනතුරුවලින් තිදෙනෙකු මරුට

October 27, 2024   09:52 am

ප්‍රදේශ කිහිපයක ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අවිස්සාවේල්ල, නොරොච්චෝලය සහ අනුරාධපුරය යන ප්‍රදේශවල එම අනතුරු සිදුව ඇති බවය.

අවිස්සාවේල්ල, නාවැටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කළ 34 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මේ අතර නොරොච්චෝලය, කරඹ ප්‍රදේශයේ දී ධාවනය වූ යතුරුපැදියකින් ඇද වැටී කාන්තාවක මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ මාම්පූරිය, සේතපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවකි.

මේ අතර අනුරාධපුර, අක්කර 25 හන්දිය ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.

අනතුරින් 33 හැවිරිදි තිසාවැව, සංඝමිත්තා මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.