ඉන්දීය කණ්ඩායම පරාජය කර ඇෆ්ගනිස්තානය අවසන් සටනට

ඉන්දීය කණ්ඩායම පරාජය කර ඇෆ්ගනිස්තානය අවසන් සටනට

October 25, 2024   11:02 pm

ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (25) රාත්‍රියේ පැවැති දෙවෙනි අවසන් පූර්ව තරගයෙන් ඉන්දීය "ඒ" කණ්ඩායම ලකුණු 20කින් පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන "ඒ" කණ්ඩායම සමත් විය.

ඕමානයේ Al Amerat ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 206ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 186ක් පමණි.

ආසියානු නැගී එන කණ්ඩායම් කුසලාන තරග ඉතිහාසයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වෙයි.

මෙහි අද පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන ඒ කණ්ඩායම පරාජය කර පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන  කණ්ඩායම අතර අනිද්දා (27) පැවැත්වීමට නියමිතව ඇත.