මාතර වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් කොටුවෙයි

මාතර වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් කොටුවෙයි

October 23, 2024   03:58 pm

මාතර - රුවන්වැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) සවස් කාලයේ කැස්බෑව ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව මාතර පොලිස් ස්ථානයට භාරදී තිබුණි.

සැකකරු 34 හැවිරිදි ගෝනමඩිත්ත පාර, කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.

මෙම සැකකරුගෙන් අනාවරණය කරගන්නා ලද තොරතුරු අනුව මනුෂ්‍ය ඝාතනය සඳහා යොදාගන්නා ලද බවට සැකකරන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හා එම පතරොම් 13ක් ද කාර් රථයක් හා වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.