කාසියේ වාසිය ශ්‍රී ලංකාවට 

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට 

October 23, 2024   04:23 pm

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (23) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමට ය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස් කමක් සිදුකර ඇත. ඒ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට මහීෂ් තීක්ෂණ කැඳවීමෙනි.

මෙම තරගය වාර්ෂාව හේතුවෙන් ප්‍රමාද වූ අතර එක කණ්ඩායමකට පන්දු ඕවර 44ක් හිමිවෙයි.