අවබෝධයෙන් වැඩකරනවාද? නීතියට වැඩකරනවාද? ජනපති හාල් මෝල් හිමියන්ගෙන් අසයි

අවබෝධයෙන් වැඩකරනවාද? නීතියට වැඩකරනවාද? ජනපති හාල් මෝල් හිමියන්ගෙන් අසයි

October 23, 2024   05:06 pm

වෙළෙඳපොළේ හාල් හිඟයක් පැවැතියත් රට තුළ හාල් හිඟයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අද (23) පැවැති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

"මම ඊයේ හාල් මෝල් හිමියන් හමුවුණා. රටේ සහල් හිඟයක් නැහැ. මේ හදන්නේ කෘතීම හාල් හිඟයක් අපි ඒ අයට දැනුම්දුන්නා මෝල් හිමියන් අවබෝධයෙන් වැඩකරනවාද? නීතියට වැඩකරනවාද?  අපේ පළමු කැමැත්ත අවබෝධයෙන් වැඩකිරීම. හැබැයි කවුරුහරි කෙනෙක් අවබෝධයෙන් වැඩ කරන්නේ නැත්නම් අපි නීතියෙන් වැඩ කරන්න ලෑස්ති කියලා කිව්වා. රටේ හාල් හිඟයක් නැහැ කඩේ හාල් හිඟයක් තිබුණට. රටේ හාල් හිඟයක් නැහැ හරි පැහැදිලීයි. ඒ නිසා පිටරටින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය හාල් ඇර වෙන එක හාල් ඇටයක් පිටරටින් ආනයනය කරන්නේ නැහැ. ඔබ වගා කරන්න. අපි ඔන්න ආරම්භයක් ලෙස හෙක්ටයාරයකට දීපු 15,000 දීමනාව පොහොර සහනාධාරය 25,000 දක්වා වැඩිකළා. වගාබිම්වලට බහින්න මේ රට ගොඩ නගන්න ඕනේ."