ලෝක කුසලාන අවසන් සටනේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාව ට

ලෝක කුසලාන අවසන් සටනේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාව ට

October 20, 2024   07:06 pm

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර අද (20) පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

සති කිහිපයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී පැවැත්වේ.

තරගය  රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

මෙම කණ්ඩායම් දෙකම මීට පෙර අවසන් මහා තරග ක්‍රීඩාකර තිබුණද, ඒ කිසිදු අවස්ථාවක ශූරතාව දිනාගැනීමට නොහැකි විය.