මෙවර බ්‍රික්ස් සමුළුවට එන නායකයෝ
සයුරෙන් එතෙර

මෙවර බ්‍රික්ස් සමුළුවට එන නායකයෝ

October 19, 2024   04:22 pm

බ්‍රික්ස් (BRICS)රාජ්‍ය නායක සමුළුව ලබන 22වනදා රුසියාවේ,කසාන් හීදී ආරම්භ වීමට නියමිතය.

මේ සඳහා බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් එක්වෙනු ඇත.

මීට අමතරව තවත් රටවල් 24ක නියෝජිතයින් ද සමුළුව සඳහා එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රික්ස් සමුළුව එළඹෙන 22වනදා සිටි 24වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ තුන්වන පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ඔහු රුසියාවේ සංචාරය කෙරෙන දෙවන අවස්ථාව මෙය වෙනු ඇති.

එහිදී මෝදි BRICS සාමාජික රටවල සහ ආරාධිත නායකයින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂා කරයි.