ලංකාවේ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක්

ලංකාවේ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක්

October 12, 2024   02:51 pm

මෙරට තුළ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කළේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනෝ විශේෂඥ වෛද්‍යවරු පවසා සිටියේ, විෂාදය සහ විවිධ මනෝභාවයන් නිසා දරුවෙකුගේ හැසිරීමේ වෙනසක් ඇත්නම් වහාම වෛද්‍යවරු වෙත යොමුකිරීමට මව්පියන් වගබලා ගත යුතු බවයි.

මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සජීවන අමරසිංහ මහතා පවසා සිටියේ, සියදිවි නසාගැනීමේ සිදුවීම්වලින් ලංකාව ලොව 21වැනි ස්ථානයේ සිටින බවයි. 

කෙසේ නමුත් සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව තවමත් ලංකාවේ ඉහළ අගයක තිබෙන බව ඔහු පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරාධා හේරත් මහත්මිය,

"සියදිවි නසාගැනීමේ සිතුවිලි පහළ වෙනවානම් 1926 හෝ 1333 උපකාරක සේවාවන්වලට කථා කරන්න පුළුවන්. වැදගත්ම වෙන්නේ අදාළ වෙලාවට අදාළ උපදෙස් ටික දරුවට ලබාදීම".