සාමසාධක භටයින්ට එල්ලවූ ප්‍රහාරය ගැන ඉන්දියාව හඬ නගයි
සයුරෙන් එතෙර

සාමසාධක භටයින්ට එල්ලවූ ප්‍රහාරය ගැන ඉන්දියාව හඬ නගයි

October 12, 2024   02:24 pm

දකුණු ලෙබනනයේ තීව්‍ර වූ සටන්වලදී එක්සත් ජාතීන්ගේ සාමසාධක භටයන් තුවාල ලැබීමේ සිද්ධිය ගැන සිය අවධානය යොමුවී ඇතැයි ඉන්දියාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඔවුන් තවදුරටත් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවය.

එම සිදුවීම ගැන සිට කනස්සල්ල පළ කරන බවද ඉන්දියාව පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ සාමසාධක භටයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය ඇති බවද ඉන්දියාව මෙහිදී පෙන්වා දී ඇත.

ලෙබනනයේ සාමසාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ඊශ්‍රායල කාලතුවක්කු ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ඊයේ (11) වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ස්ථානගතවී සිටින දකුණු ලෙබනනයේ නකොවූරා නම් ප්‍රදේශයට එම ප්‍රහාරය එල්ලකර තිබුණි.