වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිකරදුන් සොයා ගැනීම

වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිකරදුන් සොයා ගැනීම

October 7, 2024   03:57 pm

2024 වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට විද්‍යාඥයින් දෙදෙනෙක් වන වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ට එම ත්‍යාගය ලබාදී ඇත්ත මයික්‍රෝRNA සහ ජාන නියාමනය වෙනුවෙන් එහි කාර්යභාරය සොයාගැනීම වෙනුවෙනි.  

මෙම ත්‍යාගයේ මූල්‍යමය වටිනාකම ඩොලර් මිලියන 1.1කි.

ස්වීඩන් ජාතික නවොත්පාදකයෙක් සහ ව්‍යාපාරිකයෙක් වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ අවසන් කැමැත්ත අනුව එළිදක්වා ඇති මෙම ත්‍යාගය 1901 වසරේ සිට විද්‍යාව, සාහිත්‍ය සහ සාමය වෙනුවෙන් ලබාදුනි.

ආර්ථික විද්‍යාව ඊට පසුව එක්කළේය.

අනෙකුත් නොබෙල් ත්‍යාග ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදී ප්‍රධානය කෙරෙන අතර නොබෙල් සාම ත්‍යාගය ඔස්ලෝ හීදී පිරිනමයි. 

ඇල්ෆ්‍රඩ් නොබෙල් සිය අවසන් කැමැත්ත ලියන විට නොර්ඩික් කලාපයේ රටවල් අතර පැවති දේශපාලන එකමුතුව ඊට හේතු වන්නට ඇතැයි සැලකෙයි.