පොලිස් නිලධාරියාගේ සිරුර වගුරු බිමකින් හමුවෙයි

පොලිස් නිලධාරියාගේ සිරුර වගුරු බිමකින් හමුවෙයි

October 7, 2024   02:45 pm

අධිවේගී මාර්ගයේ ජාඇළ හුවමාරුව අසල වගුරු බිමක තිබී පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවී තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු සිදුකළ දැනුම්දීමකට අනුව අද (07) පෙරවරුවේ එම සිරුර සොයා ගත් බවයි.

මියගොස් ඇත්තේ ජාඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකු වන අතර ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.