ජනපතිවරණයේදී පොලීසියේ වැඩ සාර්ථකයි

ජනපතිවරණයේදී පොලීසියේ වැඩ සාර්ථකයි

October 6, 2024   07:49 am

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරය තුළ සමාජය ඉදිරියේ පොලිසිය පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැංවීමට හැකිවූ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (05) කල්කුඩා ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්ය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,

"දේශපාලන පරිවර්තනයකින් පසු ඉතාමත් අමාරුම කාලයක් තමයි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා. මගේ සේවා කාලයේ දුටු සාමකාමීම පශ්චාත් මැතිවරණ සමය මේ මැතිවරණයෙන් පස්සේ. අලුත් සංස්කෘතියක් මේක. අපි මේවා ඉදිරියට නඩත්තු කළ යුතුයි. එයින් වැඩිම පහසුව සැලසෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. එවැනි අවස්ථාවක් සැදූ දේශපාලන අධිකාරියට ස්තූතියි. ඒ වගේම පොලීසියේ  ඉහළම කාර්යක්ෂමතාව ප්‍රදර්ශනය කරපු මැතිවරණයක්. පොලිසිය වැටී සිටි තැනින් නැගිටලා. පොලිසිය පිළිබඳ ඉහළ ප්‍රතිරූපයක් ඇති වුණා එම ක්‍රියාකාරීත්වය දෙස් විදෙස් ප්‍රශංසාවට ලක්වෙලා තියෙනවා."