මාලදිවයින් ජනපති ඉන්දියාවට
සයුරෙන් එතෙර

මාලදිවයින් ජනපති ඉන්දියාවට

October 5, 2024   03:09 pm

මාලදිවයින් ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දියාවට පැමිණීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිවරයා හෙට (06) ඉන්දියාවට පැමිණෙන බවය.

ඔහු ලබන 10 වනදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිනු ඇත.

එහිදී මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය රජයේ ප්‍රමුඛ පෙළේ නිලධාරීන් පිරිසක් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට ද නියමිතය.