අද දෙරණ ජනාධිපතිවරණ ප්‍රතිඵල සජීවි විකාශය ඇරඹෙයි

අද දෙරණ ජනාධිපතිවරණ ප්‍රතිඵල සජීවි විකාශය ඇරඹෙයි

September 21, 2024   07:45 pm

අද දෙරණ ජනාධිපතිවරණ ප්‍රතිඵල සජීවි විකාශය මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ සියලු තොරතුරු අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය දක්වා, එසැණින් ගෙනඒමට අද දෙරණ මාධ්‍ය ජාලය මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබේ.

මොහොතින් මොහොත වෙනස් වන ඡන්ද ප්‍රතිඵලයේ උණුසුම, ලොව නවීන ටෙලිවිෂන් තාක්ෂණය සමගින් ඔබ වෙත ගෙනඑන්නේ SRI LANKA DECIDES විශේෂ මැතිවරණ විකාශය ඔස්සේ ය.

ඒ අනුව අති නවීනතම තාක්ෂණය සහ ග්‍රැෆික් සජීවීකරණ ක්‍රමවේද උපයෝගී කරගනිමින් අංග සම්පූර්ණ ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රතිඵල විකාශයක අත්දැකීම දකුණු ආසියාවේ විශාලතම ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබගේ ටෙලිවිෂන් තිරය මත දිගහැරෙන්නේ විදෙස් විශේෂඥ කණ්ඩායම් රැසකගේ තාක්ෂණික සහායද ඇතිවය.

ඒ අනුව ටෙලිවිෂනයෙන් පමණක් නොනැවතී  FM දෙරණ, අද දෙරණ වෙඩ් අඩවිය, අද දෙරණ කෙටි පණිවුඩ සේවාව ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම සෑම ජංගම දුරකථන ජාලයක් මගින්ම නිල ඡන්ද ප්‍රතිඵල ඔබේ ඡංගම දුරකථනය වෙත යොමු කෙරෙයි.

ඒ අතරම Facebook, YouTube සහ X අවකාශය ඔස්සේද අද දෙරණ මැතිවරණ ප්‍රතිඵල විකාශය ඔබ වෙත සමීප කිරීමට අප සූදානම්.