කුවේට් නව ශ්‍රී ලංකා තානාපතිවරයාට කාරක සභාවේ අනුමැතිය

කුවේට් නව ශ්‍රී ලංකා තානාපතිවරයාට කාරක සභාවේ අනුමැතිය

September 20, 2024   03:58 pm

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ් අනුව කුවේට් රාජ්‍යයේ නව ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස ඒල්.පී. රත්නායක මහතා පත් කිරීමට තීරණය කර ඇත.

පසුගිය 18 වැනිදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් මෙම අනුමැතිය ලබා දී තිබේ.