මොනරාගල ජන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹෙයි

මොනරාගල ජන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹෙයි

September 20, 2024   02:44 pm

මොනරාගල දිස්ත්‍රික්කයේ මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ජන්දදායකයින් 399,166 ජන්ද මධ්‍යස්ථාන 383 ඔවුන්ගේ ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් පසන් රත්නායක මහතා පැවසීය.
 
එලෙසම මොනරාගල දිස්ත්‍රික්කයේ ජන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය ජන්ද පෙට්ටි නිකුත් කිරීම අද (20) උදෑසන මොනරාගල රාජකීය ජාතික පාසලේ සිට ආරම්භ විය.

ජන්ද පෙට්ටි ප්‍රවාහනය කරන සහ නිකුත් කරන ස්ථාන සහ ප්‍රදේශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති ආකාරය දක්නට ලැබෙන අතර ජංගම පොලිස් මුර සංචාර යොදා ගනිමින් ද ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය මහතා පැවසීය.