පැතුම් ගෙන් සුපිරි ශතකයක් 

පැතුම් ගෙන් සුපිරි ශතකයක් 

September 9, 2024   05:08 pm

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය අදයි.

ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2ක් දැවී ලකුණු 179ක් ලබා සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මීට සුළු මොහොතකට පෙර සිය ශතකය වාර්තා කළේය.

සිය 11වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන පැතුම් අද (09) වාර්තාකළේ සිය 2 වන ටෙස්ට් ශතකය යි.