කොලොන්න ඝාතනයේ ගිනිඅවිය සොයා ගනී

කොලොන්න ඝාතනයේ ගිනිඅවිය සොයා ගනී

July 27, 2024   09:38 am

කොලොන්න ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සඳහා යොදාගත් විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් මිද්දදෙනිය මුරුන්ගස්යාය ප්‍රදේශයේ වළදමා තිබියදී සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් මෙම ගිනිඅවිය සොයාගෙන ඇති බවය.

පසුගිය 07 වනදා රාත්‍රි කාලයේදී කොලොන්න අප්ටන්වත්ත ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතබා ඝාතනයක් සිදුකර තිබුණි.

සිදුකළ මූලික විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත රඳවා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එක් සැකකරුවෙකුගේ නිවසේ වළදමා තිබියදී මෙම ගිවිඅවිය සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.

සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මෙම ඝාතනය සිදුකර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ සිදුකරයි.