විස්කි ඉස්සූ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

විස්කි ඉස්සූ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

July 3, 2024   03:47 pm

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් අතුරුදන්වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළඹෙන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නියමිත යතුරෙන් කාමරයේ දොර විවෘත කර මෙම සොරකම සිදුකර ඇති බවට රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇති බවය.