ජීවිත බිලිගත් මාරක අනතුරු

ජීවිත බිලිගත් මාරක අනතුරු

July 3, 2024   09:39 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රියඅනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, කැබිතිගොල්ලෑව පදවිය මාර්ගයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ ඉවතට පැන ඇලකට පෙරලීමෙන් 57 හැවිරිදි ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් ඇති බවය.

හෙට්ටිපොල මදුල්ල මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී යතුරුපැදියක් විදුලි රැහැන් කණුව ගැටීමෙන් සිදුවූ අනතුරකින් තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 46 හැවිදිරි හෙට්ටිපොල සුනන්දපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර මීගමුව උස්වැටකෙයියාව මාර්ගයේ දී ඇලෙන්එගොඩ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පදික කාන්තාවක් ලොරි රථයක ගැටීමෙන් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 71 හැවිරිදි පමුණුගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.