කුඩු සමග කොටුවූ ධීවරයින් රිමාන්ඩ්

කුඩු සමග කොටුවූ ධීවරයින් රිමාන්ඩ්

July 2, 2024   03:16 pm

ඉකුත්දා හම්බන්තොට ආශ්‍රිත ඈත මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් හෙරොයින් මත්කුඩු  කිලෝ ග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බවත් මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙන මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට නියෝග ලබාදෙන  ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසට නියෝග කළේය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6දෙනාව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.