පාසල් දරුවන් 6ක් ඇතුළු 9ක් රෝහලට යැවූ ලොරි අනතුර

පාසල් දරුවන් 6ක් ඇතුළු 9ක් රෝහලට යැවූ ලොරි අනතුර

July 4, 2024   04:20 pm

මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ විරුද්ධ දිශාවට හැරවීමට යාමේදී නුගවෙල පාසල් හංදියේදී මාර්ගයේ ගමන්කරමින් සිටි පිරිසකගේ හැපී අනතුරක් සිදුවිය.

ඊයේ (03) දහවල් එම අනතුර සිදුවී තිබුණි.

අනතුරින් පාසල් සිසුවියන් සිව් දෙනෙක්, සිසුන් දෙදෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අලදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.